ජපාන වොලිබෝල් සභාපති සේවයෙන් පහ කරයි


ජපාන  ජාත්‍යන්තර වොලිබෝල් ක්‍රීඩකයන්ගේ වෛද්‍ය සහතික ව්‍යාජ ලේඛන ලෙස සකස් කිරීමක් සම්බන්ධව චෝදනා ලැබ සිටි  ජ?

.

ජපාන  ජාත්‍යන්තර වොලිබෝල් ක්‍රීඩකයන්ගේ වෛද්‍ය සහතික ව්‍යාජ ලේඛන ලෙස සකස් කිරීමක් සම්බන්ධව චෝදනා ලැබ සිටි  ජපාන වොලිබෝල් සභාපති සේවයෙන් පහ කිරීමට ජපාන වොලිබෝල් සංගමය තීරණය කර ඇත .

 

වයස අවුරුදු  හැත්තෑ  දෙකක් වන Kenji Shimaoka මොහු හිටපු ඔලිම්පික් ක්‍රීඩකයෙකු ද වේ.කෙසේ වෙතත් මොහු මේ වන විටත් තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වේ. ඉහත සඳහන් කළ ව්‍යාජ ලිපි ලේඛන 2020 ජනවාරි මස  පැවැත්වූ FIVB වෙරළාශ්‍රිත ලෝක  වොලිබෝල් තරගාවලියේදී ජපාන ක්‍රීඩකයන් සඳහා එල්ල වූ දඬුවමක් ලිහිල් කර ගැනීමට භාවිතා කර ඇති බව සොයාගෙන ඇත.

 

මෙම ක්‍රියාවට සෘජුවම දායක වූ තවත් නිලධාරීන් කිහිපදෙනකු ජපාන වොලිබෝල් සංගමය විසින් සේවයෙන් පහකර ඇති අතර  සභාපතිතුමා ඇතුළු තවත් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුට ඉල්ලා අස්වීමේ ලිපි භාර දෙන ලෙස නියෝග කර ඇත .

606 Views

Comments