බිළිඳකු වැසිකිළියක දමා ගිය කාන්තාවක් අත්අඩංගුවට


තම අලුත උපන් බිළිඳිය වැසිකිලියක පැය නවයක් තිස්සේ අතහැර දමා තිබූ  විසි දෙහැවිරිදි කාන්තාවක් සයිටාමා

.

තම අලුත උපන් බිළිඳිය වැසිකිලියක පැය නවයක් තිස්සේ අතහැර දමා තිබූ  විසි දෙහැවිරිදි කාන්තාවක් සයිටාමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාන්තාව  සයිටාමා  ප්‍රදේශයේ අවන්හලක රැකියාවේ නිරත ව ඇති අතර ඇය මෙම බිලිඳිය බිහි කර ඇත්තේද එම වැසිකිළිය තුළදී ය. 

 

එදින පස්වරු නමයට පමණ ඇය බිහි වීමෙන් පසු  ඇයව එලෙසම දමා කාන්තාව පිටත්ව ගොස් ඇති අතර පැය 9 කට පමණ පසු 119  අමතා ඇය මෙවන් දරු ප්‍රසූතියක් සිදුකළ බව දැනුම් දී තිබේ. ඒ අනුව ක්‍රියාත්මකවූ රෝහල් කාර්ය මණ්ඩලය ඇම්බියුලන්ස් රථයක්  මගින් එම ස්ථානය කරා ළඟා වී බිළිඳිය බේරාගෙන ඇති අතර ක්ෂණිකව ඇය රෝහල්ගත කර තිබිණි. කෙසේ වෙතත් ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන අතර අදාළ කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ.

 

දරුවාගේ පියා කවරෙක්ද යන්න පොලිසිය මාධ්‍යයට හෙළි කර නොමැත.

Comments