ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද(27) උදෑසන අඩුම උෂ්ණත්වය ඕසකා ප්‍රාන්තයේ හිගාෂියෝකා නගරයෙන් වාර්තා විය. එය සෙල්සියස් අංශක සෘණ 2.7 ක් ලෙස දැක්විණි.
මේ අතර කියෝතෝ ප්‍රාන්තයේ Nantan නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 ලෙසත් නාරා නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.4ක් ලෙසත් වාර්තා විය.
ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ප්‍රධාන වශයෙන් ජපාන මුහුද දෙසට හෙට(28) දැඩි හිම පතනයක් ඇතිවීමේ අවදානමක් පවතී.
එමෙන්ම පැසිෆික් සාගරයේ ඕසකා ප්‍රදේශයේ හිම ගොඩගැසීමේ හැකියාවක් පවතින බවද පැවසේ.