තානාපතිතුමා සහ පළමු ලේකම්තුමා (වාණිජ) විසින් ඩිල්ශාන් එරංඟ මහතා විසින් හඳුන්වා දෙන ලද, ජපානයේ යෙන් බිලියන 30 ක වාර්ෂික පිරිවැටුමක් සහිත, සයිතමා ප්රාන්තයේ සහ ඒ අවට වෙළඳසැල් 120 ක් පවත්වාගෙන යන බෙල්ක් (Belc) සුපිරි වෙළඳසැල් ජාලාවෙහි කළමනාකාර අධ්යක්ෂතුමා සහ ගැනුම් කළමනාකරුවන් පසුගියදා හමුවිය.
දැනට ශ්රී ලංකාවෙන් භාණ්ඩ ලබා නොගන්නා බෙල්ක් සුපිරි වෙළඳසැල් ජාලාව මෙම හමුවෙහි දී අප රටින් ඇසුරුම් කළ තේ, ඉස්සන්, මාළු, අන්නාසි සහ බිස්කට් වැනි පැණිරස අයිතම සාම්පල ලබා ගැනීමට උනන්දු බව දන්වා සිටියේය. ඒ අනුව ලංකාවේ සිට ජපානයට අපනයනය කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට ඉදිරියේ දී ජපානය තුළ හොඳ වෙළඳ පොළක් ලබා ගැනීමට අවස්ථාව සැලැස්වේවි යැයි කළ හැකිය.