නාරා හි "ප්ලම්" වසන්තය...


පුරාණ ජපාන අගනගරය වන නාරා හි Tsukigase Bairin නිම්නයේ...

.

පුරාණ ජපාන අගනගරය වන නාරා හි Tsukigase Bairin නිම්නයේ මිදි ගස් වල රෝස පැහැ සහ ශ්වේත වර්ණයෙන් බැබලීමට පටන් ගෙන තිබේ. 

වර්ග 100කට අධික සංඛ්‍යාවකින් යුත් මිදි ගස් මෙහිදී දැකගත හැකි අතර, එම සෑම ගසකම මල් වලින් මේ මුලු යායම වියනක් සේ අලංකාර වී තිබේ. පසුගිය මාර්තු 8 වනදා මෙම ජාතික මිදි උයන සිය ශත සංවත්සරය සමරන ලද අතර, පෙර වසරට වඩා වැඩි මල් ප්‍රමාණයක් මෙවර පිපී තිබුණේ අවම වර්ෂාපතනයක් සමග හිම වැටීම මෙවර වැඩි වශයෙන් සිදුවී තිබූ නිසා බව උද්‍යාන පාලකයින්ගේ අදහසයි. සංචාරකයින්ගේ අනිවාර්ය නවාතැනක් වන මෙම උයන උඩු ගුවනට දිස් වන්නේ සුදු සහ රෝස මිශ්‍රිත වියනක් ලෙසයි.

126 Views

Comments