ජපාන තුර්කි සාකච්ඡා ඇරඹේ..


රුසියානු යුක්රේන ගැටලුව සම්බන්ධව වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ...

.

රුසියානු යුක්රේන ගැටලුව සම්බන්ධව වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ජපාන සහ තුර්කි විදේශ අමාත්‍යවරුන් ගේ ද්විපාර්ශික හමුවක් පසුගියදා නිරිතදිග තුර්කියේ නගරයක් වන අනටල්යා හිදී පැවැත්විණි.

 තුර්කි විදේශ අමාත්‍ය Mevlut Cavusoglu සහ ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi මෙහි දී සාකච්ඡා පවත්වමින්, රුසියාවට ජපානය එල්ල කරමින් පවතින බලපෑම තවදුරටත් තීව්‍ර කිරීම සඳහා තුර්කියේ සහාය  ජපානයට අවශ්‍ය බව තීරණය කෙරිනි. රුසියාව සහ යුක්රේනය සමග ඉතා සමීපව ක්‍රියා කරන රටක් ලෙස තුර්කිය මේ මොහොතේ මෙම අර්බුදය නිමාවට පත් කිරීමට ජපානයට සිය උපරිම සහය සහාය ලබාදෙන බව ප්‍රකාශ කර සිටියේය.

130 Views

Comments