පසුගියදා ටොංගා රාජ්‍ය ආශ්‍රිතව සිදු වූ ගිනි කන්ද පුපුරා යාම හේතුවෙන් අවට රාජ්‍ය වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි. ජපානයත් ඊට සූදානම්වසිටි නමුත් ජපානයේ වෙරළ තීරයට ළඟා වුණේ මීටර් එකක් තරම්උස මුහුදු රැළි වන අතර අපේක්ෂිත මට්ටමේ අපදාවන් හෝ ගං වතුර තත්ත්වයක් ඉන් ඇතිව නොතිබිණි .
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැසිපික් කලාපය දෙසින් ඇති විය හැකි සුනාමි අනතුරු පිළිබඳව කල් වේලා ඇතිව දැනුවත් කර තිබූ නමුත් ඉන් පැය 14කට පමණ පසුව එම අනතුරු ඇඟවීම් ඉවත් කර ගන්නා ලදී.
ඔවුන් තවදුරටත් පවසන පරිදි මුහුදු මට්ටමේ කැළඹීම් පැය කීපයක් යනතුරු පැවතීමට ඉඩ හැකි බවත් මසුන් ඇල්ලීම ආදී සමුද්‍ර ආශ්රිත ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීම යහපත් බව නිවේදනය කර තිබේ.