පසුගියදා තායිවානය කළ සමීක්ෂණයකින් එරට වාසීන්ගේ 60% කට වඩා වැඩි ප්රමාණයකගේ ප්රියතම රට ජපානය බව තහවුරු වී තිබේ.
එරට ප්රධාන පෙළේ සමීක්ෂණ ආයතනයකින් කරන ලද මෙම සමීක්ෂණය මගින් තායිවානයේ බහුතරයක් ඔවුන්ගේ ප්රියතම රට බවට ඡන්දය ලබා තිබුණේ ජපානයට. 5% ක ප්රමාණයක ඡන්දයක් ලබා ගනිමින් චීනය දෙවන ස්ථානයේ ද 4% ක ප්රමාණයක ඡන්දයක් ලබා ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය තුන්වන ස්ථානයේද පසුවේ.
පසුගිය ජනවාරි පස්වැනිදා සිට විසි වන දා දක්වා තායිවානයෙන් අහඹු ලෙස තෝරාගත් වයස අවුරුදු 20ත් 80ත් අතර වැඩිහිටි වියේ පසුවන තායිවාන ජාතිකයන් 1068 දෙනෙකු යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.