රුසියානු ආරක්ෂක නිලධාරීන්ට එරෙහිව ජපානයේ සම්බාධක


රුසියානු යුක්රේන ආක්‍රමණය හෙළා දකිමින් දිගින් දිගටම ජපානයෙන් සම්බාධක පැනවෙන අතර ජපානයේ වෙසෙන

.

රුසියානු යුක්රේන ආක්‍රමණය හෙළා දකිමින් දිගින් දිගටම ජපානයෙන් සම්බාධක පැනවෙන අතර ජපානයේ වෙසෙන රුසියානුවන්ට ද එලෙස විවිධාකාරයෙ සම්බාධක ජපන් රජය විසින් පනවමින් තිබේ.

 

ඒ අනුව පසුගිය සිකුරාදා ජපානය නිවේදනය කළේ  ජපානයේ වෙසෙන පුද්ගලයන් 15 කගේ සහ  රුසියානු ආයතන 9කට  අයත් සියලු දේපල අත්හිටුවන බවයි. මෙම පුද්ගලයන් අතර  GRU හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරුන් ද ඇත. මෙම වත්කම් අත්හිටුවීම යටතේ කිසිදු පුද්ගලයකුට අවසරයකින් තොරව මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට අවස්ථාව නොලැබේ .

 

 

Comments