පළමු පුහුණු සේවක වීසා බලපත්‍රය ලබා ගත් චීන ජාතිකයා 


ජපානයේ සේවයට චීන ජාතිකයන්ට අවස්ථාව ලැබේ

.

යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ ආධාරක සංවිධානයක් විසින් 35 හැවිරිදි චීන ජාතිකයෙකු වන Weng Fei ජපානයේ දින නියමයක් නොමැතිව රැඳී සිටීමට ඉඩ සලසන නේවාසික තත්වයක් ලබා ගත් පළමු විදේශීය නිල් කරපටි සේවකයා බවට පත්ව ඇති බව  බ්‍රහස්පතින්දා ප්‍රකාශ කොට තිබේ. 

 

විදේශ ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීමට සහ රටේ උග්‍ර ශ්‍රම හිඟයට පිළියම් යෙදීම සඳහා ජපානය විසින් 2019 අප්‍රේල් මාසයේදී හඳුන්වා දුන් නව ප්‍රතිපත්තියක් යටතේ මධ්‍යම ජපානයේ Gifu ප්‍රාන්තයේ ඉදිකිරීම් සමාගමක සේවකයෙකු ලෙස සේවය කරන Fei විසින් නිශ්චිත පුහුණු සේවක අංක 2 තත්ත්වය බදාදා ලබා ගත්තේය.

 

මෙම තත්ත්වය ලබා  ගත හැකි වන්නේ ඉදිකිරීම් සහ නැව් තැනීම යන අංශ දෙකේ ප්‍රවීණ කම්කරුවන් පමණි. එමඟින් ජපානය තුළ ඔවුන්ගේ රැඳී සිටින කාලය තවදුරටත් දීර්ඝ කළ හැකි වේ. ඔවුන්ට තම පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙන අතර ඔවුන්ගේ වීසා බලපත්‍රය අලුත් කළ හැකි වාර ගණනට සීමාවක් නොමැති වේ.

145 Views

Comments