අවතැන් වූ යුක්රේනුවන්ට උපකාර කිරීමට සැරසෙන ජපන් ගෘහ නිර්මාණ ශිල්පයා


යුක්රේන ජනතාව බොහෝ දෙනා ජනාකීර්ණ තට්ටු නිවාස තුළට සිරවී සිටියදී  ඔවුන්ගේ  පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි

.

යුක්රේන ජනතාව බොහෝ දෙනා ජනාකීර්ණ තට්ටු නිවාස තුළට සිරවී සිටියදී  ඔවුන්ගේ  පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි විසදුමක් ලබා දීමට සුප්‍රසිද්ධ ජපන් ගෘහ නිර්මාණ ශිල්පී Ban Shigeru මහතා ක්‍රමයක් සොයාගෙන තිබේ. 

 

පෝලන්තය ට ගමන් කල මිලියන 2 පමණ යුක්රේන ජනතාව වෙනුවෙන් Ban මෑතකදී  එහි ගොස්  දින 4 ක් එහි  රැඳී සිට දේශීය ගෘහ නිර්මාණ ශිල්පීන් හා විශ්ව විද්‍යාල සිසුන් සමග එක්ව කුළුණු සහ බාල්ක  ලෙස cardboard tubes යොදා ගත් පෞද්ගලික අවකාශය තිර රෙදි වලින් වෙන් කර බෙදා ඇති partitions 400 ක් පමණ ස්තාපිත කර  තිබේ.

 

ඔහු NHK වෙත පැවැසුවේ ඇතැම් පුද්ගලයන් එයට  ඇතුළු වූ විට කදුළු සලනු දුටු බවයි. මේ තරම් දිගු හා භයානක ගමනකින් පසු ඔවුන් ලද සහනය නිසා ඔවුන් කෑගසා සතුට ප්‍රකාශ කල බව ඔහු දැක තිබේ.

 

යුක්රේනයේ  නවාතැන් තුළ සිරවී සිටින පුද්ගලයන් වෙනුවෙන් මෙවැනි partitions 800 යැවීමට Ban මහතා විසින් සැලසුම් කර තිබේ. 

 

  • ඔහු ජපානයේ හා විදේශයන්හි ආපදා ප්‍රදේශ වල මිනිසුන් ට උපකාර කිරීමට ප්‍රසිද්ධය.

Comments