දරුවන් ඇතිදැඩි කිරීමට බලාපොරොත්තු වන ජපානයේ සමලිංගික ජාතිකයින්


ජපාන සමලිංගික පුද්ගලයන් සඳහා දරුවන් ඇති දැඩි කිරීමේ අයිතිය පිලිබදව එරට පුරා මතවාද පැතිරේ

.

දරුවන් ඇති දැඩි කිරීමට කැමති LGBT පුද්ගලයින් ඇතුළු ලිංගික සුළුතර සාමාජිකයින් සඳහා දරුවන් නොමැති වීමේ ගැටලුවට විකල්පය කැපකරු දෙමාපියන් වීම බව ජපානය පුරා වර්තමානය වන විට පැතිරෙමින් පවතින නව මතයකි. 

 

අපයෝජනය, දරිද්‍රතාවය හෝ වෙනත් තත්වයන් හේතුවෙන් තම ජීව විද්‍යාත්මක දෙමාපියන් සමඟ ජීවත් විය නොහැකි සහ සමාජ සත්කාර අවශ්‍ය දරුවන් කැපකරු දෙමාපියන් විසින් රැගෙන යනු ලබයි . 

 

දරුවන් රැකබලා ගන්නා ආකාරය පිළිබඳව ඉගැන්වෙන මාපිය පුහුණුව සම්පූර්ණ කිරීම සහ මූල්‍ය දුෂ්කරතාවන්ට ලක් නොවීම යන අවශ්‍යතා සපුරා ගත් යුවළකට නීත්‍යානුකූලව මෙලෙස දරුවෙකු ලබාගෙන හදාවඩා ගත හැකිවේ.

215 Views

Comments