රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට එරෙහිව පනවන ලද ආර්ථික සම්බාධක රැල්ලක් නිසා දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ දන්ත ඔටුනු සෑදීමට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන දුර්ලභ පාංශු ලෝහයක් වූ පැලේඩියම් වල මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.
ටෝකියෝහි අසල්වැසි කනගාවා ප්‍රාන්තයේ Hirakawa දන්ත සායනයේ ප්‍රධානියා සහ වෛද්‍යවරුන්ගේ සහ දන්ත වෛද්‍යවරුන්ගේ ප්‍රාන්ත සංගමයේ අධ්‍යක්ෂකවරයෙකු වන Toshiakai Tanaka සඳහන් කළේ දන්ත වෛද්‍යවරුන් දැන් පැලේඩියම් සදහා වෙනදාට වඩා බොහෝ වැඩි මුදලක් ගෙවන නමුත් ජාතික වෛද්‍ය රක්ෂණ පද්ධතිය ඔවුන්ගේ අමතර වියදම් ප්‍රතිපූර්ණය නොකරන බවයි.
රන් , රිදී සහ පැලේඩියම් මිශ්‍ර ලෝහයකින් සාදනු ලබන දන්ත ඔටුනු සඳහා පැලේඩියම් වෙනුවට වෙනත් මිශ්‍ර ලෝහයක් යොදාගත හැකි නමුත් එවිට ශක්තිමත් භාවය අඩු වන අතර කාලය සමඟ දුර්වර්ණ වීම සිදුවේ.
ගෝලීය පැලේඩියම් නිෂ්පාදනයෙන් 40% පමණ රුසියාව සතු වන අතර මිශ්‍ර ලොහයේ ගැනුම් මිල දෙසැම්බර් මාසයේ මැද භාගයේ සිට මේ වන විට බදු ඇතුළුව 30g වටිනාකම යෙන් 77,770 සිට 125,400 ට විචලනය වී ඇත. ජාතික සෞඛ්‍ය වැඩසටහන් මගින් ආවරණය වන ප්‍රතිකාර සඳහා වෛද්‍ය ආයතන ගාස්තු නියම කර ඇති නිසා ද්‍රව්‍යවල වැඩිවීමට අනුරූපව වෛද්‍ය ගාස්තු ප්‍රතිපූරණය කිරීමට අපහසු වී ඇත.
කාර්තුමය පදනම යටතේ ද්‍රව්‍ය වල මිල ගණන් සමාලෝචනය කිරීමට නියමිත වුවත් අප්‍රේල් සමාලෝචනය සඳහා මිල වත්මන් තත්ත්වය ම පවතිනු ඇති බව බව අපේක්ෂා කරයි .ජුලි මාසයේ සිට වෛද්‍ය ගාස්තු ප්‍රතිපූරණය වැඩි කළහොත් මූල්‍යමය හේතූන් මත රෝගීන් අසරන වන බව Tanaka පෙන්වා දේ.
මෙම ගැටලුව විසඳීමට හදිසි පියවර ගන්නා ලෙස Tanaka මහතා රජයෙන් ඉල්ලා සිටියි.