Beijing විසින් ජපාන ආහාර නිෂ්පාදන සඳහා සිදුකළ ආනයනය තහනම සම්බන්ධයෙන් එකඟතාවයකට එළැඹීම සදහා ජපානය සහ චීනය අතර වසරකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා පවත්වා නොමැති බව ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ හුරුපුරුදු මූලාශ්‍ර මෑතකදී නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
2011 දී ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරෙන් පසුව, විකිරණශීලී ද්‍රව්‍ය මගින් ආහාර දූෂණය වීමේ අවදානම හේතුවෙන් Fukushima සහ තවත් ප්‍රාන්ත කිහිපයකින් සිදුකළ ආහාර නිෂ්පාදන ආනයනය Beijing විසින් තහනම් කර තිබේ.
එම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් පෙරදී සාකච්ඡා පැවැතියද Fukushima හි අබලන් වූ න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ විකිරණශීලී ජලය මුහුදට මුදා හැරීමට අප්‍රේල් මාසයේදී ජපානය ගත් තීරණයට එරෙහිව විරෝධය දැක්වීම සදහා 2021 නොවැම්බර් මාසයේ සිට කමිටු සාකච්ඡා සදහා සහභාගි වීම චීනය ප්‍රතික්ෂේප කොට ඇත.