Mizuho බැංකුව සිය ව්‍යාපාර සංවර්ධන සැලැස්ම බාරදෙයි ..


Mizuho බැංකු සමූහය විසින් සිය ආර්ථික සංවර්ධන සැලැස්ම ..

.

Mizuho බැංකුවේ ආර්ථික සංවර්ධන  සමූහය විසින් සිය ව්‍යාපාර  සංවර්ධන සැලැස්ම ජපාන රාජ්‍ය ආර්ථික පාලන ඒකකය වෙත පසුගියදා භාර දෙන ලදී. පසුගිය වසරේ ඔවුන්ගේ බැංකු ජාලය තුල සිදු වූ ආරක්ශක බිඳවැටුම් නැවත වතාවක් සිදු වීම වළක්වාලීම සහ ව්‍යාපාර සංවර්ධන කටයුතු සඳහා වැඩි දායකත්වයක් ලබා දීම මෙම නව ආර්ථික සංවර්ධන සැලසුම් වල මූලික අරමුණ බව එම බැංකු සමූහය පවසයි.

පාරිභෝගිකයන්ගේ බැංකු පාස්පොත් සහ  ඒටීඑම් කාඩ්පත් පරිගණක පද්ධතිය තුල සිරවීම සහ යාවත්කාලීන නොවීම යන ආදී යනාදී ප්‍රශ්න රාශියකට මෙකී බැංකු සමූහයේ පද්ධතිය පසුගිය වසරේ දී වසරේදී අට වතාවක් මුහුණ දුන් බව වාර්තාවේ. මේ හේතුව නිසා ජපාන ආර්ථික පරිපාලන කොමිසම මගින් Mizuho බැංකු සමාගමෙන් පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා සිටින ලදී.

342 Views

Comments