අමතක නොවන මියන්මාරයේ කදුලු කතාව..


ජපානයේ වෙසෙන මියන්මාර ජාතිකයන් එක්වී මහජනයාගෙන් මුදල්..

.

ජපානයේ වෙසෙන මියන්මාර ජාතිකයන් එක්වී මහජනයාගෙන් මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව සැලවේ.

 

මිසාකී ඔට්සුකී නම් ජපානයේ වෙසෙන මියන්මාර ජාතික තරුණිය සහ මියන්මාර ජපාන සහයෝගිතා සංවිධානයේ නිර්මාතෘ වන වතාරු ඉශිකාවා යන දෙදෙනා එක් ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, පසුගිය වසරේ දී මියන්මාරය සිදුවූ හමුදා කුමන්ත්‍රණය නිසා සිය රැකියා සහ වාසස්ථාන අහිමි වූ දහස් ගණන් මියන්මාර ජාතිකයින්ට ආධාර ලෙස පිරිනැමීමට මෙම මුදල් එකතු කිරීම කරන බව ඔවුන් පවසයි. යුක්රේනයට එල්ලවන රුසියා ආක්‍රමණ හමුවේ මුලු මහත් ලෝකයාම යුක්රේනය වෙනුවෙන් පෙනී සිටින මොහොතක, කරදරයට පත් වූ මියන්මාර ජනයා අමතක නොකරන ලෙස ඔවුන් ලෝකයෙන් ආයාචනය කර සිටී.

133 Views

Comments