අද(21) උදෑසන 7:30 ට පමණ ගිෆු ප්රාන්තයේ Gujo නගරයේ Mamba Yamato-cho ප්රදේශයේ නගරගාවා දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇය Tamiko Nakajima නම් 46 හැවිරිදි හෙදියක් බව වාර්තා වේ.
මේ හේතුවෙන් Hokuno සහ Gujo Hachiman අතර දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලද නමුත් සවස 2:20 ට පමණ නැවත ගමනාගමනය ආරම්භ විය.