පසුගිය සතියේ ඊසාන දිග ජපානයට බලපෑ ප්‍රබල භූමි කම්පාව හේතුවෙන් විනාශයට ලක් වූ අධිවේගී Shinkansen දුම්රිය සේවාව අප්‍රේල් 20 වන විට නැවත සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව නැගෙනහිර ජපාන දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් සදුදා දින ප්‍රකාශ කළේය.
විදුලි කණු , පාලම් සහ යටිතල පහසුකම් වලට හානි දහසක් පමණ සිදුව ඇති බව මේ වන විට තහවුරු කර ඇත.
භූමිකම්පාව නිසා පීලී පැනීමට ලක් වූ දුම්රිය ඉවත් කිරීමට අවම වශයෙන් සති දෙකක පමණ කාලයක් ගතවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් ඉරිදා දින ප්‍රකාශ කරන ලදී.