ජපානයේ පැවැත්වෙන විශාලතම විලාසිතා දැක්ම වන "Fashion Week Tokyo" පසුගිය 14 වැනි දින ආරම්භ වූ අතර මෙය සතියක් පුරාවටම ටෝකියෝ අගනුවර Shibuya Ward හි Shibuya Hikarie වාණිජ සංකීර්ණයේදී සහ අනෙකුත් ස්ථානවල පැවැත්විණි.
සරත් සෘතුව සහ ශීත ඍතුව සඳහා නව අයිතම හඳුන්වාදීම මෙම විලාසිතා දැක්මේ ප්රධාන අරමුණ වන අතර එහි මූලික ඉසව්ව වන Tokyo Collection සඳහා සන්නාම 54 ක් සහභාගී විය.
Japan Fashion Week Organization මගින් ප්රදර්ශනය සඳහා සත්කාරකත්වය සැපයු අතර Mainichi Newspapers Co. සහ අනෙකුත් ආයතන විසින් අනුග්රාහකත්වය සපයනු ලැබිණි.
යුක්රේන ධජය සිහිගන්වන කහ පැහැති ගෙතුමක් සහ ලා නිල් පැහැති දිගු සායක් සහිත නිරූපිකාවක්ද මෙම විලාසිතා දැක්මේ පෙනී සිටි අතර මෙය විලාසිතා දැක්ම අතරතුරදී සිදුවූ විශේෂම සිදුවීම ලෙස දැක්විය හැක.