මුහුදු වෙරළේ පුද්ගල මළ සිරුරක්


මියගොස් ඇත්තේ 26 හැවිරිදි Shunichi Yamamoto නම් අයෙක් වේ

.

පෙරේදා(17) උදෑසන මුහුදු වෙරළේ තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.

පෙරවරු 9.00 ට පමණ වෙරළ දිගේ ඇවිද යමින් සිටි පුද්ගලයෙකු වෙරළ තීරයේ සකස් කර තිබූ තනි පුද්ගල කූඩාරමක තිබූ පුද්ගල මළ සිරුර දැක පොලිසියට දන්වා ඇත.

සිද්ධිය වූ ස්ථානය අසල කූඩාරමක් හැර වෙනත් කඳවුරු ආම්පන්න හමු නොවුණු අතර මියගිය පුද්ගලයාගේ ඇඳුම් අවුල් වී නොතිබූ බවත් රණ්ඩු වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් පැවසේ.

ඒ අනුව ඊයේ(18) Fukuoka ප්‍රාන්ත පොලිසිය එය ගෙල සිරකර සිදුකළ ඝාතනයක් බවට නිගමනය කර විමර්ශනයක් ආරම්භ කළේය.

මියගිය පුද්ගලයා 26 හැවිරිදි Shunichi Yamamoto නම් අයෙක් වන අතර ඔහුගේ ලිපිනය සහ රැකියාව නොදනී. 

 

73 Views

Comments