ජපාන කර්මාන්ත අමාත්‍ය Koichi Hagiuda විසින් ටෝකියෝ ඇතුළු ප්‍රාන්ත 8ක වාසීන්ට විදුලිය පරිභෝජනය සීමා කරන්න යයි ඉල්ලීම් කර තිබේ. පසුගිය සතියේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් සිදුවූ දේපළ හානිය නිසා සතියක් මුළුල්ලේ විදුලි සැපයුම යථා ස්වරූපයෙන් ලබාදීමට ජපානය අපොහොසත් වී තිබේ.
පසුගිය බදාදා ජපානයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් ජපානයේ ඇතැම් තාප බලාගාර වලට සිදු වූ හානි නිසා එම බලාගාර තවමත් යථා තත්ත්වයට ගැනීමට නොහැකි වූ හෙයින් පෙරදා තරම් ඒවායින් විදුලි ජනනයක් සිදු කිරීමේ අපහසුතාවක් පැවතීම මෙයට හේතුව බව ජපන් රජය විසින් නිවේදනය කර තිබේ.