රිය අනතුරකින් කුඩා දරුවෙකු මරුට


Chiba ප්‍රාන්ත පොලිසිය විසින්  අපරික්ෂාකාරී ලෙස තම මෝටර් රථය ධාවනය කර  වයස අවුරුදු 4 ක කුඩා දරුවෙකු අනතුරට ලක් කර 

.

Chiba ප්‍රාන්ත පොලිසිය විසින්  අපරික්ෂාකාරී ලෙස තම මෝටර් රථය ධාවනය කර  වයස අවුරුදු 4 ක කුඩා දරුවෙකු අනතුරට ලක් කර  මරණයට පත්කල වයස අවුරුදු 80 ක කාන්තාවක්  අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසියට අනුව පසුගිය සෙනසුරාදා උදෑසන 10. 20ට පමණ එම කුඩා දරුවා  පාර හරහා මාරු වීමේදී එම අනතුර සිදුවී ඇත. Akiko Koide නම් එම කාන්තාව  ඒ මොහොතේ දී  තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා  නගරය වෙත යාමට  රිය පදවා ගෙන ඒමේ දී මෙම අනතුර සිදුවී ඇත.

 

ක්ෂණිකව එම පිරිමි දරුවා  රෝහල්ගත කර තිබූ නමුත්  හිසේ ඇතිව තිබූ  බරපතළ තුවාල හේතුවෙන් එදින පස්වරු එකට පමණ ඔහු මියගොස් තිබේ. අනතුර සිදුවන මොහොතේ දී ඔහු ඔහුගේ සීයා සමඟ සිට ඇත .

108 Views

Comments