ඔලිම්පික් සංවිධාන කමිටුව පවසන පරිදි ඔවුන් මේ වන විට ක්‍රීඩකයන් අතර පළමු කොරෝනා ආසාදිතයා ගිය ඉරිදා දින චීනයට පිවිසි ජාතික කණ්ඩායමක් තුළින් සොයාගෙන ඇත.ඔවුන් තව දුරටත් පවසන පරිදි Beijing ගුවන්තොටුපල තුළ දී සිදු කෙරුණු PCR පරීක්ෂණ 529ක් ආශ්රයෙන් මෙම ආසාදිතයා සොයාගනු ලැබ තිබිණි.
කෙසේ වෙතත් මෙම ආසාදිතයන් කුමන ජාතික කණ්ඩායමට අයත් වන්නේදැයි සංවිධාන කමිටුව හෙළි කර නොමැත .ක්‍රීඩකයන් නොවන පුද්ගලයන් තුන් දෙනෙකු ද කොරෝනා ආසාදිතයන් ලෙස එදින ගුවන්තොටුපළේ දී සොයා ගෙන ඇත .
තවද ඔවුන් ගුවන්තොටුපල තුළදී එදිනම පරීක්ෂණ 38000ක් පවත්වා ඇති අතර මේ සියල්ල සිදු කර ඇත්තේ ඔලිම්පික් හා සම්බන්ධ සියලුම දෙනා සාමාන්‍ය මහජනතාවගෙන් වෙන් කරය.