යුක්රේනයට එරෙහිව රුසියාව දියත් කර ඇති යුද ගැටුම් හේතුවෙන් ඊට විරෝධය පෑම පිණිස ජපානය පසුගියදා රුසියාවට එරෙහිව සම්බාධක ගණනක් පනවන ලදී.
ඊට පිළිතුරු වශයෙන් ජපානය හා පැවැත්වීමට අදහස් කර තිබූ සාම සන්ධාන සාකච්ඡා අත්හිටුවන බව රුසියානු විදේශ ඇමැති නිවේදනය කර තිබේ. තවද ජපානයට අයත් එනමුත් රුසියානු පාලනය යටතේ දිවෙන ඇතැම් නගර සඳහා වීසා රහිත ව ජපන් වැසියන්ට සංක්රමණය වීමට ලබාදී තිබු අවසරය ද එම නගර දියුණු කිරීම සඳහා ජපානය හා තිබූ ආර්ථික ඒකාබද්ධතා ගිවිසුම් ද අත්හිටුවා දමන බව රුසියාව නිවේදනය කර තිබේ.