Mizuho Financial හි ඩිජිටල්කරණය


Mizuho Financial Group Inc. බදාදා දින පැවසුවේ ජපාන සමාගමේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා තාක්ෂණික දැවැන්තයෙකු වන Google LLC සම?

.

Mizuho Financial Group Inc. බදාදා දින පැවසුවේ ජපාන සමාගමේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා තාක්ෂණික දැවැන්තයෙකු වන Google LLC සමඟ උපායමාර්ගික සහයෝගීතාවයකට එළැඹ ඇති බවයි. 

 

Mizuho ප්‍රකාශයක් නිකුත් කරමින් " අපි Google හි දත්ත  තාක්ෂණය භාවිත කිරීමට Google  Cloud Japan G.K සමඟ  හවුල් වූ අතර ගනුදෙනුකරුවන්ගේ මනාපයන් පිළිබඳ තත්‍ය කාලීන අවබෝධය ජනනය කර ගැනීම සහ පාරිභෝගික තෘප්තිය වැඩි කර ගැනීම මෙහි අරමුණ වන බව" ප්‍රකාශ කළේය. 

 

Mizuho බැංකුව පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට ප්‍රධාන පද්ධති අක්‍රමිකතා මාලාවකට ගොදුරු වීමෙන් පසුව, Mizuho බැංකුවට සිය බැංකු පද්ධති ස්ථාවර කිරීමට සහ තවදුරටත් ගැටළු වලට එරෙහිව පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමු කිරීමට සිදු වූ පසුව එහි ඩිජිටල් පරිවර්තනයෙහි පසුගාමී විම් සිදු වූ බව පැවැසේ .

 

ප්‍රකාශයට අනුව, "නිෂ්පාදන සංවර්ධනය සහ ගැටළු විසඳීම සඳහා" Google Cloud හි නව්‍ය ප්‍රවේශය" අනුගමනය කිරීමට අවශ්‍ය බව පවසමින්, තාක්‍ෂණ සමාගම සමඟ සමීපව කටයුතු කිරීමෙන් මූල්‍ය කණ්ඩායම සිය ආයතනික සංස්කෘතිය වෙනස් කිරීම ද අරමුණු කරයි.

 

Mizuho Financial, ඔවුන්ගේ සේවකයින්ට Google Cloud හි පුහුණු සැසි ලබා ගැනීමට හෝ ඔවුන්ගෙන් උපදෙස් ඉල්ලා සිටීමට හැකි වනු ඇති බවට බලාපොරොත්තු වන බව සමූහයේ නිලධාරීන් පවසයි.

 

Mizuho හි සේවාදායක සමාගම්වල ඩිජිටල් පරිවර්තනයට සහය දැක්වීමට Google අවසානයේ  දී අරමුණු කල බව නිලධාරීන් විසින් පැවසනු ලැබිණි .

Comments