ජපානය ළගම පත්තුවෙන කොරියානු මිසයිල ...


උතුරු කොරියාව විසින් අත්හදා බලනු ලැබූ තවත් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් (ICBM)..

.

උතුරු කොරියාව විසින් අත්හදා බලනු ලැබූ තවත් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් (ICBM) ඊයේ උතුරු ජපානයේ හොක්කයිඩෝ නගරයට ආසන්න මුහුදේ පතිත වූ බව ජපාන ආරක්ෂක අමාත්‍යංශ අද නිවේදනය කළේ ය.

පසුගිය මසක කාලය පුරා උතුරු කොරියාව විසින් අත්හදා බලනු ලැබූ බැලස්ටික් මිසයිල 4ක් මෙලෙස ජපානයට ආසන්න මුහුදේ පතිත වී තිබුණි. අන්තර්ජාතික වශයෙන් මහත් තර්ජනයක්ව පවතින උතුරු කොරියානු මෙම අත්හදා බැලීම් ජපානය විසින් දිගින් දිගටම නිරීක්ෂණය කරනු ලබන බවත්, ඒවා ජපානයේ ස්වෛරීත්වයට හානි පමුණුවන ඕනෑම තත්ත්වයකදී ක්‍රියාකාරී වීමට ජපානය සූදානම් බවත් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

132 Views

Comments