ජපානය පුරා වාතය කම්පනය වෙයි ?


ජපාන පර්යේෂකයන් කණ්ඩායමක් විසින් කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වූයේ ...

.

ජපාන පර්යේෂකයන් කණ්ඩායමක් විසින් කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වූයේ ජපානය පුරා වායුගෝලයේ කම්පන තරංග සමුදායක් පැතිරී යන බවයි. පෙරේදා සිදුවූ භූ කම්පනයෙන් පසු පුරා පැය හතක් පුරා කම්පන තරංග වාර්තා වූ බව ඔවුන් තහවුරු කර ඇත.

කෝචි විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පරීක්ෂක කණ්ඩායමක් විසින් ජපානය පුරා පිහිටුවා ඇති ස්ථාන 25 ක සවි කරන ලද සංවේදක ආධාරයෙන් මෙකී දත්ත ලබාගෙන ඇති අතර ඒවා ඉතා නිරවද්ය බව ඔවුන් සඳහන් කරයි.එකම ආකාරයක් ගත් කම්පන තරංග ජපානයේ සෑම දිශාවකින්ම ග්‍රහණය කර ගැනීමට ඔවුන් සමත් වී තිබේ. පෙරේදා ටොංගා දිවයින ආශ්‍රිත මුහුදේ සිදු වූ ගිනි කන්ද පුපුරා යාම මීට ආසන්නතම හේතුව විය හැකි බව ඔවුන්ගේ නිගමනයයි. එම පරීක්ෂක කණ්ඩායමේ මහාචාර්ය Ryusuke Hamaguchi පවසා සිටියේ දිවයිනේ සෑම තැනකින්ම එකම ආකාරයේ කිරීමක් සහිත කම්පන තරංග වාර්තාවීම අතිශය පුදුම සහගත බවත් ඉතා දුර්ලභ බවත් ය.

Comments