Renault රුසියාවේ වැඩ නවත්තයි


ප්‍රසිද්ධ ප්‍රංශ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන රෙනෝල්ට්   රුසියාවේ මොස්කව් නුවර පිහිටි  ඔවුන්ගේ කර්මාන්තශා??

.

ප්‍රසිද්ධ ප්‍රංශ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන රෙනෝල්ට්   රුසියාවේ මොස්කව් නුවර පිහිටි  ඔවුන්ගේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය මේ වන වනවිට අත්හිටුවා තිබේ. ප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන රෙනෝල්ට් සමාගම පසුගියදා නිවේදනය කර සිටියේ බොහෝ බටහිර සමාගම් සමග එක්වෙමින් රුසියාවේ  යුක්රේන ආක්‍රමණය හේතුවෙන්  මෙලෙස ඔවුන්ට අදාළ කර්මාන්තශාලාවේ වැඩ නවත්වා දැමීමට තීරණය කළ බවයි.

 

යුක්රේන ජනාධිපති පසුගියදා ප්‍රංශ සමාගම්වලට ඔවුන්ගේ ව්‍යාපාර රුසියාවෙන් ඉවත් කරගන්නා ලෙස  පැවසීමත් සමග  ඔවුන් මෙම පියවර ගෙන ඇති අතර කෙසේ වෙතත් ඔවුන් ඒකාබද්ධව කටයුතු කළ රුසියාවේ Avtovaz සමාගම හා නැවත එක්වීම පිළිබඳව නැවත සලකා බලන බව  රෙනෝල්ට් සමාගම නිවේදනය කර තිබේ.

Comments