ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අවසාන පිරිවැය


එළඹෙන ජුනි මාසයේදී සංවිධායක කමිටුව විසුරුවා හැර වාර්තාවක් ලබා දෙන විට ඔලිම්පික් උලෙළේ පිරිවැය ඩොලර් බිලියන 1

.

එළඹෙන ජුනි මාසයේදී සංවිධායක කමිටුව විසුරුවා හැර වාර්තාවක් ලබා දෙන විට ඔලිම්පික් උලෙළේ පිරිවැය ඩොලර් බිලියන 13.6 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව සංවිධායක කමිටු ප්‍රධාන විධායක නිලධාරී  Toshiro Muto බ්‍රහස්පතින්දා පැවසීය.

 

වසංගතයෙන් වසරක් ප්‍රමාද වූ මෙහි මුළු පිරිවැය - පසුගිය වසර පුරා එය භාවිතා කළ ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 15.4 ට වඩා ඩොලර් බිලියන 1.8 අඩු බව සංවිධායකයින් දෙසැම්බර් මාසයේදී පැවසීය. කිසිදු රසිකයෙකුට එයට සහභාගී වීමට අවසර නොමැති වීම නිසා ශ්‍රම පිරිවැය අඩුවීම මෙයට හේතුවී  තිබේ. 

 

ටෝකියෝ උළෙල සඳහා අවසාන නිල පිරිවැය කුමක් වුවත්, ඩොලර් බිලියන 5.9ක් පුද්ගලික මුදල් වූ අතර ඉතිරි අරමුදල් ජපන් රජයන්හි විවිධ මට්ටම් වලින් බව සඳහන් වේ .

 

2025 ලෝක ප්‍රදර්ශනය පැවැත්වෙන ඔසාකා සහ 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරන ජපානයේ නගෝයා නගරයට  මෙන්ම 2030 ශීත ඍතු ඔලිම්පික් සඳහා ලංසු ඉදිරිපත් කරන Sapporo හි නිලධාරීන්ට ද ටෝකියෝවෙන් ලබාගත් විශේෂඥතාව ලබා දෙන බව Muto පැවසීය.

171 Views

Comments