එක්තැන් වූ මවක සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග යයි


වයස්ගත මව සම්බන්ධයෙන් සිදු වූ ආරවුලකින් සහෝදරයෝ දෙදෙනා ගැටුමකින් එක් සහෝදරයකු මියයයි

.

එක්තැන්ව සිටින 74 හැවිරිදි සිය මව සම්බන්ධයෙන් සහෝදරයන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් 37 හැවිරිදි සහෝදරයාට පිහියකින් ඇන ඝාතනය කළ බවට සැකපිට 38 හැවිරිදි රැකියා විරහිත Kazuya Yoshioka නම් අනෙක් සහෝදරයා Tokyo ප්‍රාන්තයේ Akiruno හි පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔවුන්ගේ මහල් නිවාසයේදී අඟහරුවාදා පස්වරු 6.20 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර “මම මගේ මල්ලිට පහර දී පිහියෙන් ඇන්නේ ඔහු අපේ මවට දිනපතා බැණ වදින නිසා” යනුවෙන් තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව පිළිගනිමින් ඔහු පොලීසියට පවසා ඇත. 

 

පිහි ඇනුමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කර ඇති නමුත් ඔහු රාත්‍රී 8 ට පමණ ඔහු මිය ගොස් තිබේ. Yoshioka සිය සොහොයුරාගේ පිටුපසට දෙවරක් පිහියෙන් ඇන ඇති බවත් ඒ සඳහා සෙන්ටිමීටර 20 ක පමණ ප්‍රමාණයේ තලයක් සහිත පිහියක් භාවිතා කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය .

122 Views

Comments