මුහුදු සීමා ආරක්ෂාවේ වැදගත්කම කිශිඩ පෙන්වා දෙයි...


රට වටා පිහිටි සමුද්‍රීය සීමාවන් වල ආරක්ෂාව තර කිරීම වර්තමානයේ දී වඩා වැදගත් සහ..

.

රට වටා පිහිටි සමුද්‍රීය සීමාවන් වල ආරක්ෂාව තර කිරීම වර්තමානයේ දී වඩා වැදගත් සහ ආරක්ෂාකාරීම පියවරක් වී ඇති බවත්, ජපානයට එම ආරක්ෂාව සැපයීම සියලු නාවුක නිලධාරීන්ගේ වගකීම බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.

හිරෝෂිමා නුවර කුරේ හි පිහිටි ජපාන සමුද්‍ර ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධි ප්‍රදානෝත්සවයේදී පිරිස අමතමින් ජපාන අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මේ වන විට රුසියාව විසින් යුක්රේනය වෙත එල්ල කරන ආක්‍රමණය නිසා ලෝකයේ නීතිය සහ සාමය උල්ලංඝනය වී ඇති බවත් ජපානයට අයත් සමුද්‍රයේ ආරක්ෂාව තර කිරීම මෙමඟින් වඩාත් අවධාරණය වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ජපාන ව්‍යවස්ථාවෙන් සම්පාදනය කර ඇති නීති ප්‍රකාරව ජපාන සමුද්‍රය ආක්‍රමණ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදී උවදුරුවලින් ආරක්ෂා කිරීමට තවත් නීති සම්පාදන කිරීමට අවශ්‍ය නම් එය කිරීමට තමා පසුබට නොවන බව ඔහු අවධාරණය කර සිටියේය.

124 Views

Comments