බටහිර ජපාන නගරයේ සංචාරකයින් අතර ජනප්‍රිය පාලමක් පසුගියදා යුක්රේන ජාතික කොඩියේ වර්ණයෙන් ආලෝකමත් කර තිබුණි. ඒ යුක්රේනයේ දැනට පවතින යුද්ධය අවසන් කිරීමට ප්‍රාර්ථනා කිරීම වෙනුවෙනි.
ඉවකුනි නාගරික රජය සාමාන්‍යයෙන් පාලම ආලෝකවත් කරන්නේ ගඟ දිගේ චෙරි මල් පිපෙන විටදීය, ඒ වසන්ත සමයේ සංචාරකයන්ගේ පැමිණීම ප්‍රකාශ කිරීම වෙනුවෙනි. නමුත් යුක්රේනයේ රුසියානු ආක්‍රමණය නැවැත්වීමේ බලාපොරොත්තුව ප්‍රකාශ කිරීමට මාර්තු 9 වන දින නගරයේ විදුලි පහන් දල්වනු ලැබිණි .
නිල්, කහ, රෝස සහ කොළ හරහා සුපුරුදු චක්‍රය අත්හැර දැනට යුක්රේන ධජයේ වර්ණ දෙක වන නිල් සහ කහ වර්ණයන්ගෙන් කින්තායි පාලම ආලෝකමත් කර තිබුණි.