ඉහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණයේදී ප්‍රධාන අවධානයට ලක් වූ උද්ධමනය


ජපානයේ උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ යයි

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයේ පසු ප්‍රතිඵලයක් ලෙසින් ලොව පුරා ආහාර සහ විදුලිය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඛණ්‌ඩව ඉහල යමින් පවතින මොහාතක ජපානයේ දේශපාලන පක්ෂ විසින් පාර්ලිමේන්තුවේ ඉහල මන්ත්‍රී මණ්ඩල මැතිවරණයට පෙර රටේ පවතින අර්බුදයට ක්ෂණික විසඳුම් ඉදිරිපත් කිරීමට අරගල කරමින් සිටින බව වාර්තා වේ. 

 

ජපානය යනු සම්පත් හිඟ, ආනයනය මගින් සම්පත් එක්රැස් කරගන්නා රටක් වන බැවින්, බලශක්ති මිල ඉහළ යාම සහ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 'යෙන්' අගය සීග්‍ර ලෙස පහත වැටීම මෙලෙස රට තුළ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහල යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි. 

 

ඡන්දදායකයින් විශ්වාස කරන්නේ මෙවර මැතිවරණයේ වඩාත්ම දැවෙන ගැටලුව බවට පත්ව උද්ධමනය පත්ව ඇති බවයි. කෙසේනමුත්, ජපානය සහ එක්සත් ජනපදය අතර පවතින පොලී අනුපාත වල වෙනස්කම් පුළුල් වීමෙන් පැන නගින භාණ්ඩ මිල ඉහළ යාම සහ 'යෙන්' හි වටිනාකම අවප්‍රමාණය වීම ජපානයට පමණක් විසඳිය නොහැකි අර්බුදයක් නිසා කෙටි කාලීන විසඳුමක් සඳහා වන පියවර ඉතා සීමිත බවට ආර්ථික විද්‍යාඥයින් අදහස් දක්වති

129 Views

Comments