දිනය : 2022 අප්‍රේල් 02 වන දින (සෙනසුරාදා)
වේලාව : පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා
ස්ථානය : කියුෂු ලංකා මහා විහාරය.
〒818-0110, ෆුකෝකා කෙන් , දසයිෆු ෂි , මිකසා 3-8-33
〒818-0110, Fukuoka-ken, Dazaifu-shi, Mikasa, 3-8-33
මෙදින පෙරවරු 09.00ත් පස්වරු 04.00 අතර කියුෂු ලංකා මහා විහාරස්ථානයට පැමිණෙන ඔබ සැමට පහත සඳහන් කොන්සියුලර් සේවාවන් ලබාගත හැක.
ඉටු කරවා ගත හැකි රාජකාරී කටයුතු :
නව ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීම,
රියදුරු බලපත්‍ර සහතික කිරීම,
ඇටෝර්නි බලපත්‍ර අත්සන් කිරීම,
දිවුරුම් ප්‍රකාශ සහතික කිරීම,
උපත් හා විවාහ ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියකියවිලි ලබාගැනීම, ලියකියවිලි භාරදීම සහ ලියාපදිංචිය,
නීතිමය ගැටළු සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම.
ඉහත කටයුතු සහ අනෙකුත් කන්සියුලර් සේවා සඳහා අවශ්‍ය උපදෙස් ඇතුළු තානාපති කාර්යාලයෙන් ඉටුකරවා ගත යුතු රාජකාරි කටයුතු සඳහා මෙම ස්ථානයට පැමිණෙන ලෙස කාරුණිකව දන්වා සිටිමු.
කොන්සියුලර් සේවා සඳහා ඉදිරිපත් කරන ලිපි ලේඛන සමඟ ඒවායේ ඡායා පිටපත් ද රැගෙන ඒමට කාරුණික වන්න.
ඔබ ලබාගන්නා කොන්සියුලර් සේවාවන් වලට රජයේ අනුමත සේවා ගාස්තු හැරුනුකොට වෙනත් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
විමසීම්:-
අචිනි පෙරේරා මෙනෙවිය,
තානාපති කාර්යාල අමාත්‍ය උපදේශක - 03-3440-6911 / +81-80-2876-0777
02.04.2022 තානාපති කාර්යාලයේ පැවැත්වීමට නියමිත කොන්සියුලර් සේවාවන් 2022 අප්‍රේල් 09 වන දින පැවැත්වේ.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
තෝකියෝ
ජපානය