භාණ්ඩ රැසක මිල ඉහළට


බිත්තරවල සිල්ලර මිල සියයට 25 කින් ඉහළ ගොස් ඇත.

.

කෘෂිකර්ම, වන හා ධීවර අමාත්‍යාංශය විසින් ඊයේ(21) නිකුත් කළ පෙබරවාරි මස ආහාර මිල ප්‍රවණතා සමීක්ෂණයට අනුව නැවුම් සහ සැකසූ ආහාර වර්ග රැසක මිල ඉහළ ගොස් ඇති බව අනාවරණය විය.  

ඒ අනුව බිත්තරවල සිල්ලර මිල පසුගිය වසර පහ තුළ සියයට 25 කින් ඉහළ ගොස් ඇත.

මේ මස 13 සිට 15 දක්වා දිවයින පුරා සුපිරි වෙළඳසැල් ඇතුළු සිල්ලර වෙළඳසැල් 470 ක මෙම සමීක්ෂණයක් පවත්වන ලදී.  

ඉහළ යන අමුද්‍රව්‍ය මිල හේතුවෙන් භාණ්ඩ මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර තෝකියෝවේ කොටෝ වෝඩ්හි සුපිරි වෙළඳසැලක් වන Tatsumi Chain Toyosu, ජනවාරි මාසයේ සිට සතියකට වරක් කුකුල් බිත්තර අලෙවිය අත්හිටුවා ඇත.  

මෙයට හේතුව කුරුළු උණ ආසාදනයේ පැතිරීමයි.

 

99 Views

Comments