ඇමරිකානු එක්සත් ජනපද ජනපති ජෝ බයිඩ්න් පසුගිය සෙනසුරාදා ප්රකාශයක් නිකුත් කර තිබුණේ පූටින් විසින් යුක්රේනයට එරෙහිව ක්රමක්රමයෙන් වර්ධනය කරන යුද ගැටුම් හේතුවෙන් තවදුරටත් රුසියානු ජනාධිපති පුටීන්ට බලයේ රැඳී සිටීමට නොහැකි බවයි.
ජෝ බයිඩන් ගේ මෙම ප්රකාශය විදුලි වේගයෙන් ලොව පුරා ප්රචාරය වූ අතර පෝලන්තයේ දී ඔහු මෙම කළ ප්රකාශය ඔහුගේ කතාව නිම වීමත් සමඟ නිවැරදි කිරීමට ධවල මන්දිරය කටයුතු කර තිබිණි. ඒ අනුව මෙම ප්රකාශය රුසියාව නව රජයකට පෙරලීමේ සලකුණක් නොවන බවත් හුදෙක් පුටින්ගේ ක්රියාවන් විවේචනය කිරීම පමණක් බවත් නිවේදනය කර තිබිණි.