සයිටාමා ප්‍රාන්තය තුළ වාසය කළ තිස් දෙහැවිරිදි පියෙකු හා පැවැති මවකට එරෙහිව 2017 වර්ෂයේ දී ඔවුන්ගේ වයස අවුරුදු 4ක් වන දියණිය අපයෝජනය කිරීම සම්බන්ධ නඩු විභාගය පසුගිය සදුදා දින ආරම්භ විය.
Yuki Iwai නම් වූ ස්වයං රැකියාවක නිරත වන පියාද Masumi නම් වූ අර්ධ කාලීන රැකියාවක නිරතවන මවද ඔවුන්ගේ දියණිය වන Kokoro නිසි ලෙස මව්පිය රැකවරණය ලබා නොදෙමින් අත්හැර දැමීම නිසා ඇයගේ මරණය සිදුවී ඇති බව Fuji TV වාර්තා කර ඇත. වර්ෂ 2017 දෙසැම්බර් 21 වන දින පුංචි කොකොරෝ hypothermia හේතුවෙන් මියගොස් ඇති අතර ඇයගේ මව ඇයව රෝහල් ගත කරන විටදී ඇයගේ අත්, පා සහ උදර ප්‍රදේශයේ දැඩි සීරීම් ලකුණු දැකගත හැකිව තිබේ.වෛද්‍ය වාර්තා වලට අනුව ඇය දැඩි ලෙස පෝෂණ ඌනතාවයෙන් පෙලී ඇති බවද වාර්තා වේ.