ඔගසවාරා දූපත් දාමයේ Funka Asane නම් සබ්මැරීන් ගිනි කන්දේ පුපුරා යාමක් මාර්තු 27 දින අනාවරණය වූ අතර, අළු සහ පාෂාණ මෙන්ම පාවෙන Pumice සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව, ගිනි කන්දෙන් දුමාරයක් පිට වී මීටර් 7,000 ක් පමණ උසට ළඟා වී ඇති අතර ටෝකියෝවට දකුණින් ඔගසවාරා දාමයේ අළු වැටීම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ . කෙසේ වෙතත්, මේ දක්වා ප්‍රදේශයෙන් එවැන්නක් වාර්තා වී නොමැත.
ඔගසවාරා දූපත් වල Hahajima දූපතේ සිට කිලෝමීටර් 160 ක් නිරිත දිගින් Funka Asane පිහිටා තිබේ .Himawari කාලගුණ චන්ද්‍රිකාව Funka Asane වෙතින් දුම් පිටවන බව මාර්තු 27 වෙනිදා සවස 6 ට පමණ අනාවරණය කළේය .
නියෝජිතායතනයේ වාර්තාවලට අනුව, 1930 සිට 1945 දක්වා ධීවර බෝට්ටුවලින් Funka Asane හි ගිනිකඳු පිපිරීම් අනාවරණය වී ඇති අතර මෙම කාලයෙන් පසු, අවට ප්‍රදේශවල මුහුදු ජලය දුර්වර්ණ වීම බොහෝ වාරයක් වාර්තා වී තිබේ.
පුපුරා යාමෙන් ඔකිනාවා ප්‍රාන්තයේ සහ අනෙකුත් ස්ථානවල විශාල ප්‍රමාණයේ Pumice පිටකිරීමෙන් විනාශයක් සිදු වූ අතර ඒවා වෙරළබඩ ප්‍රදේශවලට ද ළඟා වී තිබේ .