උතුරු කොරියාව විසින් පසුගියදා ගුවන් ගත කරන ලද බැලස්ටික් මිසයිල 2 ඔවුන් විසින් මීට පෙරත් 2020 වසරේදී අත්හදා බලන ලද වර්ගයම බව ජපාන ආරක්ෂක අංශ සනාථ කර තිබේ. කෙටි දුර වේගවත් බැලස්ටික් මිසයිල ගණයට අයත් මෙම මිසයිල කෙටි ඉලක්ක සඳහා භාවිතා කළ හැකි බව වාර්තා වේ.
කිලෝමීටර් 50ක ඉහල අහසට නිකුත් කළ හැකි මෙකී මිසයිල උතුරු කොරියාව විසින් පසුගිය වසර හතර පුරා දහනම වතාවක් අත්හදා ඇති බව ජපාන බුද්ධි අංශ වාර්තා කරයි.