අප්‍රේල් 18 වන දින නිරිතදිග ජපාන නගරයේ නාගරික ප්‍රාථමික පාසලක ලබා දුන් ව්‍යංජන සහ බත් පිඟානක 1cm පමණ දිග ලෝහ ඉස්කුරුප්පුවක් තිබී හමු වූ බව නාගරික අධ්‍යාපන මණ්ඩලය නිවේදනය කළේය.
හයවන ශ්‍රේණියේ සිසුවෙකු මෙලෙස ආහාර ගනිමින් සිටියදී බත් සමග මුඛය තුළට ඇතුළු වූ ඇණය සොයාගෙන තිබේ. නමුත් සිසුවාට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව වාර්තා විය .
අධ්‍යාපන මණ්ඩලයට අනුව නගරයේ ස්ථාන පහකින් පාසල් වෙනුවෙන් ආහාර පිසිනු ලබන අතර ඒවා සෑම පාසලකටම බෙදා හරිනු ලැබේ. ආහාර වේලට ඉස්කුරුප්පු ඇණ මිශ්‍ර වූ ස්ථානය සහ එය කෙසේ සිදුවූවක් ද යන්න පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීම අධ්‍යාපන මණ්ඩලය විසින් ආරම්භ කොට තිබේ.