Corona වෛරස වසංගතය මධ්‍යයේ අර්ධ සන්නායක සහ අනෙකුත් සංරචක හිඟය මත නිෂ්පාදනය මන්දගාමී වීම නිසා ජපානයේ නව මෝටර් රථ අලෙවිය 2021 මූල්‍ය වර්ෂයේදීත් අඛණ්ඩව තුන්වන වසර සඳහා පහත වැටුණු අතර එය පෙර වසරට වඩා 9.5% කින් අඩුවී තිබේ.
ජපාන මෝටර් රථ අලෙවිකරුවන්ගේ සංගමය සහ ජපන් සැහැල්ලු මෝටර් රථ සහ යතුරුපැදි සංගමයට අනුව බ්‍රහස්පතින්දා අවසන් වූ වර්ෂය තුළ මෝටර් රථ 4,215,826 ක් අලෙවි වී තිබේ .
කුඩා වාහන හැර දේශීය වාහන අලෙවිය 8.2 % කින් එනම් ඒකක 2,660,855 දක්වා පහත වැටුණු අතර එය 1968 මූල්‍ය වර්ෂයේ සමීක්ෂණය ආරම්භ වූ දා සිට දෙවැනි අඩුම අගය ලෙස වාර්තා වේ .
Toyota Motor Corp, Honda Motor Co , Nissan Motor Co, Mazda Motor Corp, Subaru Crop, Toyota හි Mini car Insurance අනුබද්ධිත Daihatsu Motor Co, සහ Suzuki Motor Corp හි නිශ්පාදන අලෙවිය මෙලෙස පහත වැටී තිබේ.