ජපානයේ අගනුවර අප්‍රේල් 4 වන දින නව Corona වෛරස ආසාදිතයින් 4,384 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
අප්‍රේල් 4 දින Covid -19 මරණ හතක් වාර්තා වී ඇති අතර ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව අද වන විට 4,198 කි.
වාර්තා වූ ආසාදිතයින් 4,384න් 2,129 කට Covid එන්නත් දෙකක් ද, 55 කට එක් එන්නතක් ද ලබා දී තිබේ. ආසාදිතයින් 1,072 ක් එන්නත් ලබා නැති අතර 1,128 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ.