ලෝහ අටේ මිශ්‍ර ලෝහය


කියෝතෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මිනිස් ඉතිහාසයේ කිසිවකු විසින් සිදු නොකළ දැනට ලොකයේ

.

කියෝතෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මිනිස් ඉතිහාසයේ කිසිවකු විසින් සිදු නොකළ දැනට ලොකයේ වටිනා යැයි සම්මත ලෝහ වර්ග අටම එකම මිශ්‍ර ලෝහයක් බවට පත් කර නිර්මාණය කර තිබේ .

 

රන්, රිදී, ප්ලැටිනම්, පැලේඩියම්, රෝඩියම්, ඉරිඩියම්, රුතේනියම් සහ ඔස්මියම් ඒවායේ දුර්ලභත්වය, දීප්තිය සහ ප්‍රායෝගික භාවිතය අනුව ලෝකයේ "වටිනාම" ලෝහ ලෙස හැඳින්වේ . 

 

මෙම පෙර නොවූ විරූ මිශ්‍ර ලෝහය සාක්ෂාත් කර ගැනීම සඳහා පර්යේෂකයන් විසින් ලෝහ අටේම අයන සමාන ප්‍රමාණයකින් ද්‍රාවණයක් නිර්මාණය කර ඒවා සෙල්සියස් අංශක 200 (ෆැරන්හයිට් අංශක 392) ක උෂ්ණත්වයකදී අඩු කිරීමේ කාරකයකට එකතු කලහ . 

 

අඩුකරන කාරකය විවිධ අයන බන්ධනයට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන පරිත්‍යාග කරන අතර මිශ්‍ර ලෝහය එමඟින් සාර්ථකව සාදා ගෙන තිබේ.

Comments