51 හැවිරිදි මිනාකෝ ෂිහෝ නම් කාන්තාවක් ඇගේ මහල් නිවාසයේදී කපා කොටා ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට පුද්ගලයෙකු සොයමින් සිටින බව ඔසාකා පොලිසිය සඳුදා පැවැසීය.
Kyodo News වාර්තා කළ ආකාරයට ඉකුනෝ වෝඩ් හි පිහිටි මහල් නිවාසයේදී ඇය තුවාල ලබා තිබේ. ඇය සමඟ ජීවත් වූ පුද්ගලයා ඇයව දකින විට ඇගේ මුහුණේ කැපුම් තුවාලවලින් ලේ ගලමින් තිබු බව වාර්තා වේ. තුවාල ලැබූ මිනාකෝ රෝහල් ගත කළ පසු ඇගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව වෛද්‍යවරුන් පවසා තිබේ .
මෙලෙස පහර දුන් පුද්ගලයා ඇයගෙන් තම පෙම්වතිය වන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටි බවත්, පෙරවරු 11 ට පමණ ඔහු මෙම මහල් නිවාසයට කඩා වැදුණු බවත් ෂිහෝ පොලිසියට පවසා ඇත.
සැකකරු පාපැදියකින් එම ප්‍රදේශයෙන් පිටව යන අයුරු අසල්වැසි ආරක්ෂක කැමරා දර්ශනවල සටහන්ව තිබු අතර 50 හැවිරිදි වියේ පසුවන සිහින් සිරුරක් සහ රැවුල කපන ලද හිසක් ඇති අයෙකු බව විස්තර කෙරේ.