පසුගිය සතියේ ගුන්මා ප්‍රාන්තයේ මිඩෝරි ප්‍රදේශයේ ගින්නකින් විනාශ වූ නිවසක නටබුන් අතර තිබී පහරදී ඝාතනය කර තිබු පුද්ගලයෙකුගේ සිරුර සොයා ගත් බව පොලිසිය පැවැසීය .
තනිව ජීවත් වූ 73 හැවිරිදි Akiyo Funato මෙලෙස මරණයට පත්ව තිබේ.එදිනම රාත්‍රී 8 ට පමණ ඔහුගේ දෙමහල් ලී නිවසෙන් ගිනිදැල් නැගෙන අයුරු දුටු අසල්වැසියෙකු 119 අමතා මේ පිළිබඳව පොලිසියට වාර්තා කර තිබේ.
ගින්න නිවා දැමීමෙන් පැය දෙකකට පමණ පසු ෆුනාටෝගේ සිරුර පළමු මහලේ තිබී සොයා ගන්නා ලදී. ෆුනාටෝගේ ඉළ ඇට කිහිපයක් සහ උරහිස් තලයක් කැඩී ගොස් ඇති බවත්, ගින්න ඇතිවීමට පෙර සිරුරේ අභ්‍යන්තරයෙන් රුධිර වහනය වීම හේතුවෙන් ඔහු මිය යන්නට ඇති බවත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ බව පොලිසිය පැවසීය.