නැගෙනහිර චීන මුහුදේ Senkaku දූපත ආශ්‍රිතව, ජපාන මුහුදු සීමාවෙන් ඔබ්බට වූ කලාපයේදී අද දින උදෑසන චීනයට සහ රුසියාවට අයත් යැයි සැලකෙන යුධ නෞකා දක්නට ලැබුණු බව ජපාන රජය නිවේදනය කළේය.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ වාර්තා වලට අනුව අනුව, චීන නෞකාව පෙරවරු 7.44 සිට මිනිත්තු හයක් පමණ ජපානයේ පාලනය යටතේ පවතින නමුත් චීන ජාතිකයින් විසින් හිමිකම් කියන, Diaoyu නමින් හැඳින්වෙන, ජනාවාස නොමැති දූපත් වලට යාබද කලාපයේ යාත්‍රා කර ඇති අතර රුසියානු යාත්‍රාව පෙරවරු 7.05 සිට 8.16 දක්වා ජලයේ රැඳී සිට තිබේ. ඒ මොහෝතේ ඇතිවූ සුළි කුණාටු තත්ත්වය වළක්වා ගැනීම එහි අරමුණ වන්නට ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසීය.
"චීනයේ වර්ධනය වෙමින් පවතින සමුද්‍රීය ස්ථීරභාවය සහ වඩ වඩාත් ශක්තිමත් වන චීන-රුසියා යුධමය සබඳතා මධ්‍යයේ වුවත් මෙම සිද්ධියෙන් පසුව, Tokyo විසින් Beijing වෙත විරෝධතාවක් ඉදිරිපත් කළ බව" නියෝජ්‍ය ප්‍රධාන කැබිනට් ලේකම් Seiji Kihara අද දින පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
2016 ජූනි මාසයෙන් පසු චීනයේ සහ රුසියාවේ නාවික යාත්‍රා එකම වේලාවක ජපානයට ආසන්න කලාපයකට ඇතුළු වූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර ජපානය මෙම නවතම පියවරයන්ට එරෙහිව "ස්ථිරව නමුත් සන්සුන් ආකාරයකින්" ප්‍රතිචාර දක්වනු ඇති බවට වාර්තා වේ.