ජර්මානු luge ක්‍රීඩිකා Natalie Geisenberger මෙවර beijing 2022 ඔලිම්පික් උළෙලට සහභාගී වී ක්‍රීඩා කරන බව පවසා ඇත.තවද ඇය එක දිගට තුන්වන වරටත් එම ක්‍රීඩා අංශයේ රන් පදක්කම බලාපොරොත්තු වන බවත් පවසා ඇත.
ඇගේ ක්‍රීඩා ඉතිහාසය පුරාවටම ඉතා අගනාක්රීඩා දිවියක් පවත්වාගෙන ආ Natalie Geisenberger මෙවර ඔලිම්පික් උළෙල හේතු ගණනාවක් නිසා මග හරින බව පෙර නිවේදනය කර තිබුණි.එම හේතු ලෙස දක්වා තිබුණේ මානව අයිතිවාසිකම් ගැටලු සහ luge ක්‍රීඩකයන් සඳහා මීට පෙර පුහුණු සැසි වාර වල දී චීන නිලධාරීන් විසින් ලැබුණු අඩු සැලකිල්ලයි.
නමුදු පසුගිය සදුදා දින සමාජ මාධ්‍ය ජාලයක පළ කල සඳහන කින් ඇය පවසා සිටියේ මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වන බවත් බොහෝවිට එය ඇයගේ අවසාන ඔලිම්පික් උළෙල විය හැකි බවත්ය.ඇය සිවු වරක්ම ලෝක ශූරතාවයට උරුමකම් කියන දක්ෂ ක්‍රීඩිකාවකි.