පසුගිය මාර්තු මාසයේදී Tokyo නගරයේ Chiyoda Ward හි පිහිටා තිබූ හෝටලයකදී තම පෙම්වතියට පහර දුන් බවට සැකපිට Okinawa හි සැඟව සිටි 27 හැවිරිදි තරුණයෙකු මැයි 31 අඟහරුවාදා දින අත්අඩංගුවට ගත් බව Tokyo හි පොලිසිය ප්‍රකාශ කළේය.
ස්ථාවර ලිපිනයක් හෝ රැකියාවක් නොමැති Suguru Nozawa නම් සැකකරු මාර්තු 23 වැනි දින අලුයම 5 ට පමණ බීමතින් විත් තම 20 හැවිරිදි පෙම්වතියගේ හිසට සහ මුහුණට විසිවතාවකට වඩා පහර දී ඇති බවට චෝදනා ලැබ සිටී. ඇයගේ මුහුණේ තුවාල බරපතළ බවත් එය සුව වීමට මාස හයක් පමණ කාලයක් ගතවනු ඇති බවත් ඇයව පරික්ෂා කළ වෛද්‍යවරුන් පවසා තිබේ .
පොලිසිය විසින් ප්‍රහාරයෙන් පසු පලා ගිය Nozawa රටපුරා සැඟවී සිටින අත්‍යවශ්‍ය සැකකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. පසුගියදා Okinawa හි හෝටලයක සැඟවී සිටියදී නිරීක්ෂණ කැමරා දර්ශනවලින් හඳුනාගත් ඔහුව නිලධාරීන් විසින් රඳවා තබා ගෙන සඳුදා දින Tokyo පොලීසිය වෙත භාර දී ඇත.