Osaka සමාගමේ අසත්‍ය Miso - Shiru දැන්වීම


ජපානයේ පාරිභෝගික කටයුතු පිළිබඳ නියෝජිතායතනය විසින් අප්‍රේල් 5 දින Osaka හි W-Endless Co. සමාගමට එහි

.

ජපානයේ පාරිභෝගික කටයුතු පිළිබඳ නියෝජිතායතනය විසින් අප්‍රේල් 5 දින Osaka හි W-Endless Co. සමාගමට එහි පළ කළ ව්‍යාජ දැන්වීම සංශෝධනය කරන ලෙස ක්‍රියාකාරි නියෝග නිකුත් කර ඇත .

 

ඒ ආහාරයේ අන්තර්ගතය සඳහා පදනම විමසූ විට, සමාගම ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් ලබා නොදීමත් දැඩි ආහාර සීමා කිරීම් හෝ අධික ව්‍යායාම නොමැතිව Miso සුප් පානය කිරීමෙන් බර අඩු කර ගත හැකිය යනුවෙන් ව්‍යාජ දැන්වීම් පළ කිරීමත් නිසාවෙනි . 

 

සමාගම විසින් 2020 නොවැම්බර් 20 සිට දෙසැම්බර් 28 දක්වා එහි වෙබ් අඩවියේ "රූපලාවන්‍ය සම්මාන" කොටස යටතේ "Dr. Miso-Shiru" ලෙස ලේබල් කර ඇති ආහාර නිෂ්පාදන පෙට්ටි 88,700 ක් අලෙවි කර ඇති බව නියෝජිතායතනය වාර්තා කළේය.

150 Views

Comments