අප්‍රේල් 1 සිට පාසල් තුළ මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නැහැ!


අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ මේ බව නිවේදනය කළේය.

.

ඊයේ(17) අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් අප්‍රේල් මාසයේ සිට පාසල්වල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව නිවේදනය කළේය.

ඒ අනුව නව අධ්‍යයන වාරයේ සිට පාසල් ක්‍රමානුකූලව කොරෝනා වසංගතයට පෙර පැවති ආකාරයටම පැමිණීමට අපේක්ෂා කෙරේ.

සිසුන්ට මුහුණු ආවරණ පැළඳීමට අත්‍යවශ්‍ය නොවන නමුත් රෝග වැනි විවිධ හේතූන් මත මුහුණු ආවරණ පැළඳීමට කැමති සිසුන් වේනම් ඔවුනට ඒ සඳහා අවස්ථාව තිබේ.

එමෙන්ම පාසලට යන අතරමගදී ජනාකීර්ණ දුම්රියක හෝ බස් රථයක ගමන් කරන විට හෝ වෛද්‍ය ආයතනයකට යන විට එය පැළඳීම සුදුසු බවද නිර්දේශ කරනු ලැබේ.

57 Views

Comments